Saturday, December 17, 2011

අපේ සමාජයේ ජ'සිය නිර්මාණය...

අපේ සමාජයේ ආරම්භය ගැන පළවෙනි ලිපියෙන් කියපු නිසාම ආරම්භයෙන් පස්සේ සමාජයේ ක්‍රියාකාරීත්වය ගැන ටිකක් ලියන්න හිතුනා.



















    සමාජය ආරම්භ කල ගමන්ම අපේ සභාපතිතුමාගේ අදහස වුනේ සමාජයට නිල ජ'සියක් නිර්මාණය කරගන්න එක.ඉතින් පහුවෙනිද ඉඳලම කට්ටිය අයි.ටී. ලැබ් එකේ ඉදන් හොද ඩිසයින් එකක් නිර්මාණය කරගන්න දඟලනවා.ඉතින් සමාජයේ ප්‍රධාන නිලතල දරන ඔක්කොමලා වගේ පන්තිවලිනුත් බැනුම් අහගෙන ඇවිත් වැඩේට උදව් වෙනවා. ලෝකය ගොලාකාරයි මිනිස්සු විවිධාකාරයි කියනවනේ. ඉතින් අපේ සමාජයෙත්, පන්තිවල යාලුවොංගෙනුත්  එක එක අදහස් ආවා. කට්ටියක් ජ'සිය තද නිල් පාටින් ගහමු කියද්දි තව කට්ටියක් කියනවා ලා නිල් පාටින් ගහමු කියලා. ඔය අතරෙ තව කට්ටියක් සුදු පාටින් ගහමු කියනවා. ඔන්න ඒ පාර සභපතිතුමා කියපි "මචන්ලා ඔහොම ගියොත් ජීවිතේට අපිට ජ'සිය ගහන්න වෙන්නේ නැහැ, ඒක හින්ද අපි දෙතුන්දෙනා කතාවෙලා හොඳ පාටක් තෝරමු" කියල.
ඒ අනුව තමයි වැඩේට ටිකක් පිළිගැනීමක් තියෙන්නත් එක්ක ජ්'සිය සුදු පාටින් ගහන්න තීරණය කලේ. පාටක් තෝර ගත්තට පස්සෙ තිබුනේ ජ්'සියට හොඳ ඩිසයින් එකක් හදාගන්න එක.ඉතින් අපේ ප්‍රභාරංග සොයුරයි, දිලංක සොයුරයි, යසස්වී සොයුරයි එකතුවෙලා කොහොමින් කොහොම හරි හොඳ ඩිසයින් එකක් නිර්මාණය කලා.ඒකට අපේ විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති ගාමිණී ජයවර්ධන සර්ගෙනුත් අවසර ලැබුනා.
ඔය අතරේ තමයි දිනිත් සහෝයි දිලංක සහෝයි අපේ සමාජයේ ලෙටර් හෙඩ් එක නිර්මාණය කරන්න පටන්ගත්තේ. එකේදී මතුවෙච්ච යම් යම් සිද්දි නිසා අපිට අය්යලාගෙන් උරුම වෙලා තිබුන පරණ නිල ලාංජනය වෙනුවට අළුතින්ම නිර්මාණාත්මක නිල ලාංජනයක් නිර්මාණය කරන පටන් ගත්තා.හා හා ඒව ගැන විස්තර පස්සේ කියන්න බැරියැ.ඔක්කොම එක ගොඩේ පටලවගත්තම මුකුත්ම කරන්න බෑනේ.. :පී.
ඉතින් නිල ලාංජනය වෙනස් වුන එකේත්, කට්ටිය අතරේ ජ්'සියේ ඩිසයින් එක ගැන පොඩි කසුකුසුවක් තිබ්බ  නිසාත් අලුතෙන්ම ජ්'සිය නැවත නිර්මාණය කරමු කියල දිනිත් සහෝ සමාජේ ලොක්කට අදහස දැම්මා. සභාපතිතුමාගෙත් වැඩේට අකමැත්තක් නොතිබුන හිංදා ඒ වැඩේ දිනිත් සහෝටම බාරදුන්නා කරන්න කියලා.ඉතින් අවසරත් ලැබුන එකේ වැඩේ සුපිරියටම කරන්න ඕන නිසා මේ වගේ වැඩ ගැන ගොඩක් අත්දැකීම් තියෙන මිත්‍රයෙක්ගේ අයියා කෙනෙකුත් හවුල් කරගත්තා.






        ඉතින් දිනිත් සහෝ හිතේ තියෙන ඩිසයින් එක ගැන අදහසක් දුන්නම අයියගෙ අදහසුත් දාල සාම්පල් එකක් හදල පෙන්නුවා.වැඩේනම් ලස්සනටම තිබුනා. ඉතින් සමාජේ කට්ටියම රැස් වෙච්ච දවසක හදපු සාම්පල් එක සමාජේ ඉන්න අපේ නලින්ද රණවක අයියටයි යසස්වී ගුරුගේ සහෝදරයටයි පෙන්නල එයාලගෙ අදහසුත් අරගෙන සාකච්ඡා කරලා ජ'සියේ අන්තිම පෙනුම ලබාගත්තා.
වැඩේ කරල ඉවර වෙලා අපේ සභාපතිතුමාට පෙන්නුවම තමයි ආයේ පොඩි සැක සංකාවක් අවේ. අළුතෙන් නිර්මාණය කරපු ජ්'සියේ ෆ්ලෝරල් ආර්ට් එක ටිකක් ලොකුවට තියෙන නිසා පාසලේ පරිපාලනයෙන් අවසර ලැබේවිද කියල.

ඒක හින්ද අපේ සභාපතිතුම අදහස දැම්මා ඕකට අවසර ගන්න ගිහින් බැනුම් අහගන්නේ නැතුව පරණ  ජ'සියම ගහමු කියලා. ඔන්න ඒ පාරනම් වැඩේට පෙරමුණ ගත්ත අයට ටිකක් විතර තරහයි. ඇයි වෙච්ච මහන්සියට කවුරුවත් සල්ලි ගෙවනවයැ. ඉතින් හැමෝම තීරණයක් ගත්තා අපිට හරියන ජ'සිය මොකද්ද කියලා තීරණය කරන්න අපේ මුහුණු පොතේ මිතුරන්ට භාර දෙන්න.පරණ ඩිසයින් එක අංක 1 කියලත් අළුත් එක අංක 2 කියලත් නම් කරලා සුදුසුයි කියල හිතෙන එක කොමෙන්ටුවකින් පල කරන්න කිව්වා. හැමෝගෙන්ම විවිධ ප්‍රතිචාර ලැබුනා.තමතමන්ගේ ප්‍රතිචාර දක්වලා අපිට වැඩේ සාර්ථක කරගන්න උදව් කරපු හැමෝටම මේ වෙලාවේ ස්තූතිවන්ත වෙනවා.ඉතින් අදහස් අනුව 55% වැඩි ප්‍රතිශතයක් අංක 2'සියට ලැබුනා.ඒ කිව්වේ අපේ අළුත් ඩිසයින් එකට. ඉතින් ඕක ගැන  සභාපතිතුමත් එක්ක කතා කරපු දිනිත් සහෝ කිව්වේ මෙච්චරකල් මහන්සි වෙච්ච එකේ  බැනුම් ඇහුවත් කමක් නෑ ගිහින් පෙන්නමු කියලා.ඒ අනුව තමයි වැඩේට අවසර ගන්න යන්න දවසක් දාගත්තේ.
      කොහොමින් කොහොම හරි අවසර ගන්න යන වැඩේ ඉසුරු උදයංග  සොයුරා භාරගත්තා.ඔන්න පැයකට විතර පස්සේ කෝල් එකක් එනවා හරි මචන් වැඩේ සාර්ථකයි අවසර ලැබුනා කියලා.ආයෙත් ඉතින් කියන්න දෙයක් නෑනේ සමාජේ හැමෝටම ගොඩක් සතුටුයි.

     ඉතින් දැන් ජ'සිය ප්‍රින්ට් කරන්න භාරදෙන්න මේ එන සඳුදා කොළඹ බ'ර්නාඩ්ස් එක පැත්තෙ යන්න ඉන්නෙ.
තවත් අළුත් විස්තර ටිකක් එක්ක ආයෙමත් හම්බවෙමුකෝ..

Thursday, December 15, 2011

පෙරළියක ඇරඹුම.......

ඔන්න අපි RITS (Richmond IT Society) නමෝවිත්තියෙන් කියලම blog එකක් ලියන්න පටන්ගත්තා..සමාජේ පටන් ගත්ත දවස්වල ඉඳලම වැඩේට අදහස තිබුණට හරියාකාරව වැඩේට අත තියන්න ලැබුනෙ අද තමයි...


අපේ තොරතුරු තාක්ෂණ සමාජේ ගැන පොඩි හැදින්වීමකින්ම වැඩේ පටන්ගමුකො.
ඉස්සරවෙලාම තාක්ෂණ සමාජේ සමාජිකයන් වෙන්න කැමති කට්ටිය ඉන්නවනම් සුදුසුකම් එක්ක අයදුම්පතක් තොරතුරු තාක්ෂණ ඒකකයට බාරදෙන්න කියල පාසල් මාධ්‍ය ඒකකය හරහා මුළු පාසලටම දැනුම් දුන්නා.
අපරාදෙ කියන්න බෑ දවස් 2ක් යන්නත් කලින්ම ගොඩාක් දෙනෙක් අයදුම් කරල තිබුනා. අපේ තොරතුරු තාක්ෂණ සමාජය බාර තිලකසිරි ගුරුපියාණන් ලොකු අපහසුතාවයකට මුහුන දීලා තිබුනෙ..අයදුම් කරල තිබුන අයගෙ සුදුසුකම් දැක්කම බඳව නොගෙන ඉන්නත් බැරිලු..ආපු ආරංචි මාර්ගවල හැටියට එක්කෙනෙක්ට බි.සි.එස්. පවා තිබුනලු..කොහොමද නේද අපේ ඉස්කෝලේ කොල්ලොංගෙ වැඩ..පස්සෙ තමයි දන්නෙ ඒ අපේ සභාපතිතුමා කියල..
කොහොමින් කොහොම හරි ඒ ප්‍රශ්නෙටත් අපේ තිලකසිරි සර් විසඳුමක් දුන්නා.හොඳම දක්ෂතා තියෙන ජේෂ්ඨ කොල්ලො ටික ඔක්කොමලා සීනියර් ටීම් කියල වෙනමත් ඉතුරු වුන ඔක්කොමලා ජූනියර් ටීම් 2කටත් බෙදුවා..අපරාදේ කියන්න බෑ ජුනියර් ටීම් වලට වැටුන මල්ලිලටත් ගොඩක් දක්ෂතා තියෙනවා.
හදා ගත්ත සීනියර් ටීම් එකේ ප්‍රධානම අරමුණ වුනේ දන්න කියන හැම දේම කියල දීලා ලබන වසරෙදි ජූනියර් ටීම් එකේ කට්ටිය ඔක්කොමලව වර්ථමාන සීනියර් ටීම් එකටත් වඩා ඉදිරියට ගේන එක..


ඉතින් සමාජයට කට්ටිය බඳවගෙන ඉවරවුනාට පස්සෙ අපේ සමාජයේ පළමු රැස්වීම නොවැම්බර් 14 වෙනිදා කැඳෙව්වා.ඒ රැස්වීමෙ ප්‍රධානම අරමුණ වුනේ සමාජයේ ප්‍රධාන නිළතලවලට සුදුස්සන් පත්කරගන්න එක.ඒ අනුව ඉස්සෙල්ලම සමාජයට සභාපති කෙනෙක් පත්කරගන්න එක.ඒක ඉතින් එසේ මෙසේ තනතුරක් නෙවෙයිනෙ. මුලු සමාජයේම වගකීම පැටවෙන තනතුරක්නෙ. අපේ තිලකසිරි සර්ගෙ යෝජනාවෙන් සහ සාමාජිකයො හැමෝගෙම ඒකමතික ඡන්දෙන් අපේ දිලංක මාධව සහොදරය ඒ තනතුරට පත්වුනා.
දැන් ඉතින් මේ බ්ලොග් සටහන කියවන හැම කෙනාම දන්නව ඇතිනෙ අර බි.සි.එස්. තියෙන්නෙ කාටද කියල. :පී
ඉතින් එවෙලෙම ඉදන් අපේ දිලංක සොයුරා රැස්වීම මෙහෙයවීම භාර ගත්ත.


ඊලඟ කාර්යය විදියට තිබුනෙ අපේ සාමාජයට ලේකම්වරයෙක් පත් කරගන්න එක. ඒ සඳහා අපේ යසස්වී ගුරුගේ සොයුරා සාමාජිකයො හැමෝගෙම ඒකමතික ඡන්දෙන් තේරී පත්වුනා..
ඉතින් ඔය විදියට උප සභාපති හැටියට දසුන් නිර්මල සොයුරත් උප ලේකම් හැටියට ඉසුරු උදයංග සොයුරත් භාණ්ඩාගාරිකවරු වශයෙන් දිනිත් අත්සර හා ලක්ෂිත අනුපම සොයුරනුත් තේරී පත්වුනා.
දැන් ඉතින් සමාජයේ පරිපාලනය පැත්තත් හරි එකේ කට්ටියටම ඉස්සරහට බොහොමයක් වැඩ රාජකරී පැවරෙන බවත් මතක් කරමින්ම රැස්වීම අවසන් කලා..
ඉතින් ඔය විදියට තමයි අපේ පළවෙනි හමුවීම අවසන්වුනේ.. පළමුවැනි රැස්වීමම අති සාර්ථක නිසා කට්ටිය හැමෝටම ගොඩක් සතුටුයි.