Thursday, December 15, 2011

පෙරළියක ඇරඹුම.......

ඔන්න අපි RITS (Richmond IT Society) නමෝවිත්තියෙන් කියලම blog එකක් ලියන්න පටන්ගත්තා..සමාජේ පටන් ගත්ත දවස්වල ඉඳලම වැඩේට අදහස තිබුණට හරියාකාරව වැඩේට අත තියන්න ලැබුනෙ අද තමයි...


අපේ තොරතුරු තාක්ෂණ සමාජේ ගැන පොඩි හැදින්වීමකින්ම වැඩේ පටන්ගමුකො.
ඉස්සරවෙලාම තාක්ෂණ සමාජේ සමාජිකයන් වෙන්න කැමති කට්ටිය ඉන්නවනම් සුදුසුකම් එක්ක අයදුම්පතක් තොරතුරු තාක්ෂණ ඒකකයට බාරදෙන්න කියල පාසල් මාධ්‍ය ඒකකය හරහා මුළු පාසලටම දැනුම් දුන්නා.
අපරාදෙ කියන්න බෑ දවස් 2ක් යන්නත් කලින්ම ගොඩාක් දෙනෙක් අයදුම් කරල තිබුනා. අපේ තොරතුරු තාක්ෂණ සමාජය බාර තිලකසිරි ගුරුපියාණන් ලොකු අපහසුතාවයකට මුහුන දීලා තිබුනෙ..අයදුම් කරල තිබුන අයගෙ සුදුසුකම් දැක්කම බඳව නොගෙන ඉන්නත් බැරිලු..ආපු ආරංචි මාර්ගවල හැටියට එක්කෙනෙක්ට බි.සි.එස්. පවා තිබුනලු..කොහොමද නේද අපේ ඉස්කෝලේ කොල්ලොංගෙ වැඩ..පස්සෙ තමයි දන්නෙ ඒ අපේ සභාපතිතුමා කියල..
කොහොමින් කොහොම හරි ඒ ප්‍රශ්නෙටත් අපේ තිලකසිරි සර් විසඳුමක් දුන්නා.හොඳම දක්ෂතා තියෙන ජේෂ්ඨ කොල්ලො ටික ඔක්කොමලා සීනියර් ටීම් කියල වෙනමත් ඉතුරු වුන ඔක්කොමලා ජූනියර් ටීම් 2කටත් බෙදුවා..අපරාදේ කියන්න බෑ ජුනියර් ටීම් වලට වැටුන මල්ලිලටත් ගොඩක් දක්ෂතා තියෙනවා.
හදා ගත්ත සීනියර් ටීම් එකේ ප්‍රධානම අරමුණ වුනේ දන්න කියන හැම දේම කියල දීලා ලබන වසරෙදි ජූනියර් ටීම් එකේ කට්ටිය ඔක්කොමලව වර්ථමාන සීනියර් ටීම් එකටත් වඩා ඉදිරියට ගේන එක..


ඉතින් සමාජයට කට්ටිය බඳවගෙන ඉවරවුනාට පස්සෙ අපේ සමාජයේ පළමු රැස්වීම නොවැම්බර් 14 වෙනිදා කැඳෙව්වා.ඒ රැස්වීමෙ ප්‍රධානම අරමුණ වුනේ සමාජයේ ප්‍රධාන නිළතලවලට සුදුස්සන් පත්කරගන්න එක.ඒ අනුව ඉස්සෙල්ලම සමාජයට සභාපති කෙනෙක් පත්කරගන්න එක.ඒක ඉතින් එසේ මෙසේ තනතුරක් නෙවෙයිනෙ. මුලු සමාජයේම වගකීම පැටවෙන තනතුරක්නෙ. අපේ තිලකසිරි සර්ගෙ යෝජනාවෙන් සහ සාමාජිකයො හැමෝගෙම ඒකමතික ඡන්දෙන් අපේ දිලංක මාධව සහොදරය ඒ තනතුරට පත්වුනා.
දැන් ඉතින් මේ බ්ලොග් සටහන කියවන හැම කෙනාම දන්නව ඇතිනෙ අර බි.සි.එස්. තියෙන්නෙ කාටද කියල. :පී
ඉතින් එවෙලෙම ඉදන් අපේ දිලංක සොයුරා රැස්වීම මෙහෙයවීම භාර ගත්ත.


ඊලඟ කාර්යය විදියට තිබුනෙ අපේ සාමාජයට ලේකම්වරයෙක් පත් කරගන්න එක. ඒ සඳහා අපේ යසස්වී ගුරුගේ සොයුරා සාමාජිකයො හැමෝගෙම ඒකමතික ඡන්දෙන් තේරී පත්වුනා..
ඉතින් ඔය විදියට උප සභාපති හැටියට දසුන් නිර්මල සොයුරත් උප ලේකම් හැටියට ඉසුරු උදයංග සොයුරත් භාණ්ඩාගාරිකවරු වශයෙන් දිනිත් අත්සර හා ලක්ෂිත අනුපම සොයුරනුත් තේරී පත්වුනා.
දැන් ඉතින් සමාජයේ පරිපාලනය පැත්තත් හරි එකේ කට්ටියටම ඉස්සරහට බොහොමයක් වැඩ රාජකරී පැවරෙන බවත් මතක් කරමින්ම රැස්වීම අවසන් කලා..
ඉතින් ඔය විදියට තමයි අපේ පළවෙනි හමුවීම අවසන්වුනේ.. පළමුවැනි රැස්වීමම අති සාර්ථක නිසා කට්ටිය හැමෝටම ගොඩක් සතුටුයි.

1 comment:

  1. වැඩේ නියමයි! ඔහොම දිගටම කරගෙන යමු. මගෙන් සුභපැතුම්!

    ReplyDelete